සොයන්න
උණුසුම් පුවත්

විශේෂාංග

ඔස්කාර් උළෙලේ වේදිකාවට නිරුවතින් කඩා වැදුණු John Cena (Video)

ඔස්කාර් සිනමා උළෙලේ වේදිකාව වෙත නිරුවතින් පැමිණි සුප්‍රසිද්ධ චරිතයක් හේතුවෙන් එම උළෙලේ මෙන්ම දෙස් විදෙස් මාධ්‍ය වාර්තාවන්හි අවධානයත් ඒ කෙරෙහි යොමු වී තිබෙනවා. ලෝක සිනමාවේ අති උත්කර්ශණීයම මංගල්‍යය ලෙසට සැලකෙන ඔස්කාර් සම්මාන උළෙල පසුගියදා 96වන වරටත් අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වුණේ අමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදීයි.

ඛාණ්ඩ 23ක් යටතේ සිනමාවේ විශිෂ්ඨයින් මෙහිදී ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබුවා. සම්මාන පිරිනැමීම් අතරින් හොඳම ඇඳුම් නිර්මාණය සඳහා වූ සම්මානය පිරිනැමීම සියලු දෙනා හට අමතක නොවන අවස්ථාවක් බවට පත්වුණා. ඊට හේතුව බවට පත්වූයේ ලෝක ප්‍රසිද්ධ රෙස්ලින් ශූරයෙකු සහ වර්තමානයේදී රංගණ ශිල්පියෙකු ද වන ජෝන් සීනා විසින් එම සම්මානයේ ජයග්‍රාහකයාගේ නම සඳහන් කිරීමට නිර්වස්ත්‍රව වේදිකාවට ගොඩ වීමයි. 

ජෝන් සීනාගේ මෙම පැමිණීම පිළිබඳව සම්මාන උළෙලේ නිවේදනය කල ඇමරිකානු ප්‍රහසන ශිල්පියෙකු මෙන්ම අති දක්‍ෂ නිවේදකයෙකු ද වන ජිමී කිමෙල් සඳහන් කලේ 1974 වසරේදී පැවැත්වූ 46 වැනි ඔස්කාර් සම්මාන උළෙලේදී පුද්ගලයෙකු වේදිකාව හරහා නිරුවතින් දිවයාමේ 50වැනි සංවත්සරය මෙවර යෙදී ඇති බවයි. කෙසේවෙතත් මෙකී සියළු කාරණා මධ්‍යයේ ජෝන් සීනා නිවේදනය කලේ Poor Things සිනමා පටයේ ඇඳුම් නිර්මාණය වෙනුවෙන් Holly Waddington ඔස්කාර් සම්මානයට පාත්‍රවන බවයි. ඕනෑම නිර්මාණයක ඇඳුම් නිර්මාණයේ ඇති වැදගත්කම පිළිඹිබු කිරීමට ජෝන් සීනා මෙහිදී සංකේතාත්මකව උත්සාහ කර ඇති බවටයි විදෙස් මාධ්‍ය විසින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Tags