සොයන්න
උණුසුම් පුවත්

විශේෂාංග

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සිද්ධිය ගැන පොලීසියෙන් නිවේදනයක්

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශන පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පසුගිය වෙසක් පොහෝ දින පොදු සමාව ලබාදීමේ වැඩසටහන අනුව ලබාදුන් සිරකරුවන්ට අමතරව සිරකරුවන් කිහිපදෙනෙක් බන්ධනාගාරය විසින් අනීතික ලෙස සමාව ලබාදුන් සැකකරුවන් සේ සලකා නිදහස් කළ බවට පැමිණිල්ලක් පසුගිය 06 වනදා ජනාධිපති කාර්යාලය මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර තිබුණා.

එම පැමිණිල්ල අනුව දීර්ඝ විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති බවද වාර්තා වනවා.

මේ සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් මීට අදාළව ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වුණා.

එහිදී බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් ඊට අදාළව ප්‍රශ්න කරමින් ප්‍රකාශයක් සටහන් කර ගත් බවත් තවදුරටත් ලේඛන පරික්ෂා කරමින් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කිරීමට ද නියමිතව ඇති බව දන්වා ඇති පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ මේ දක්වා සිදුකළ විමර්ශන අනුව මෙම පොදු සමාව අනීතික ලෙස භාවිත කර යම් සිරකරුවන් ගණනක් පසුගිය වෙසක් දින නිදහස් කර ඇති බව විමර්ශන තුළින් හෙළිදරව් වෙමින් පවතිනවා.

මෙලෙස අනීතික ලෙස ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන ලද සිරකරුවන් පිළිබඳව අදාළව බන්ධනාගාර නිලධාරීන් ඇතුළු ඊට සම්බන්ධ සියලු නිලධාරීන්ට එරෙහිව විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබනවා.

අදාළ විමර්ශනයේ දී හෙළිදරව් වූ කරුණු අනුව ඊට ප්‍රථමවද මේ අයුරින් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට නියමිත සිරකරුවන් අතර අනුමැතිය නොලද සිරකරුවන්න් ද නිදහස් කර ඇති බව තොරතුරු හෙළිදරව් වී ඇති බවද පොලීසිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ අනුව ඉදිරියේ දී විමර්ශන සිදුකරනු ලබන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බන්ධනාගාරය තුළින් මෙලෙස අධිකරණය මඟින් වරදකරුවන් වූ පුද්ගලයින් අනීතිකව නිදහස් කිරීම පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බවයි.

Tags