දේශීය පුවත්
චීන කාබනික පොහොර නැවේ සිදුවීමට අදාළව ඌව පළාත් ප්‍රධාන ලේකම්වරයාට ඇප!
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේදී අහිතකර බැක්ටීරියා සහ ක්ෂුද්ර ජීවීන් අඩංගු කාබනික පොහොර නැවක් ආනයනය කොට රජයට රුපියල් කෝටි 130කට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් ඌව පළාත් ප්රධාන ලේකම් මහේෂ් ලසන්ත ගම්මන්පිල යන අයව ඉකුත් සමයේ රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබුණා.
ඊට අදාළ නඩුකරය අද කැඳවූ (05) අවස්ථාවේදී කොළඹ ප්රධාන මහේස්ත්රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කර සිටියේ සැකකරුව ඇප මත මුදාහරින ලෙසටයි.
රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප 05ක් මත එලෙස ඇප නියම කර තිබෙන අතර, සැකකරුගේ විදෙස් ගමන් ද තහනම් කර තිබෙනවා.
චීන සමාගමකින් ආනයනය කරන ලද අදාළ කාබනික පොහොර නැවෙහි ව්යාධිජනක බැක්ටීරියා වන බවට දැනුම් දී තිබියදීත්, ඊට අදාළ වාර්තා ලැබීමට දින 05කට පෙර ණයවර ලිපි නිකුත් කිරීම හේතුවෙන් එවකට අමෙරිකානු ඩොලර් මිලියන 6.9ක (කෝටි 138ක) පාඩුවක් සිදුව තිබුණා.
