දේශීය පුවත්
නව පොලිස්පති ධුරයේ වැඩ අරඹයි
නව පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද (14) උදෑසන සිය ධුරයේ වැඩ භාරගනු ලැබුවා.
ඒ පොලිස් මූලස්ථානයේ දීයි.
මෙහිදී අදහස් දක්වමින් අභිනව පොලිස්පතිවරයා පැවසුවේ තමන් අට ලෝ දහම හොඳින් හුරු පුරුදු බවත් පොලීසියේ ගෞරවය හා පෞඩත්වය රැක ගැනීම වෙනුවෙන් කළ හැකි සෑම දේම තමා සිය රාජකාරිය තුළ ඉටු කරන බවත්ය.
පොලීසියේ දැක්ම අනුව යමින් එය යථාර්ථයක් කිරීමට තමා කටයුතු කරන බවද ඔහු මෙහිදී සඳහන් කළා.
පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ ඒ සඳහා සියලු පොලිස් නිලධාරීන්ගේ ඉහළ කාර්ය සාධනයක් බලාපොරොත්තු වන බවයි.
විනයානුකූල පොලීසිය සකස් කිරීම තම එකම අභිප්‍රාය වන අතර එය තමා ඉහලින්ම සලකන බවත් තමන් පොලිස්පති ධුරයට පත්කළ සියලු දෙනාට ස්තූතිය පළ කරන බවත් පොලිස්පතිවරයා මෙහිදී සඳහන් කළා.
