දේශීය පුවත්
මිනුවන්ගොඩ නිවසකින් ටී 56 ගිනිඅවි සහ පතරොම් රැසක් හමුවෙයි
මිනුවන්ගොඩ රෝහල ආසන්න ප්‍රදේශයේ නිවසක තිබී ටී 56 ගිනිඅවි සහ පතරොම් රැසක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත අද (15) දිනයේ දී සිදුකළ වැටලීමකදී මෙම ගිනි අවිය සහ පතරොම් සොයාගෙන ඇති බව වාර්තා වනවා.
සැකකරු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලෙහි ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කළ අයෙක් වන අතර ඔහු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 45 හැවිරිදි අයෙකි.
සැකකරු සන්තකයේ තිබී ටී – 56 ගිනිඅවියක්, ටී – 56 ගිනි අවියට යොදන මැසිමක්, ටී 56 පතොරම් 14ක්, පිස්තෝල අවි 01ක් හා එම මැගසින් 01ක්, 2.5 mm පතොරම් 09ක්, 9mm පතොරම් 09ක්, පිස්තෝල හා රිවෝල්වරි වර්ගයේ ගිනිඅවි 02ක්, කඩු 03ක් සහ කිනිසි 02ක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
