සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 22කට පන්ති තහනමක්

අග්නිදිග විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුන් පිරිසකට අමානුෂික අන්දමින් නවකවදය දුන් සිසුන් 22කගේ පන්ති තහනම් කර තිබෙනවා.

එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්.එම් ජුනයිඩීන් මහතා විසින් මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

අග්නිදිග විශ්ව විද්‍යාලයේ ලේඛාධිකාරිවරයා පැවසුවේ සිද්ධිය පිළිබඳව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන බවයි.

පසුගියදා මෙම විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුන් පිරිසකට එම පීඨයේ දෙවන වසරේ සිසුන් පිරිසක් විසින් නවකවදය ලබාදී තිබුණා.

ඊට අදාළ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වීමත් සමඟ පාලනධිකාරිය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අක්කරපත්තුව පොලිසිය ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Tags