සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

රාගම බටුවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

රාගම බටුවත්ත ප්‍රදේශයේ ඊයේ (03) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ ත්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනෙක් විසින් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවතේ නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගණේමුල්ල සංජීවගේ සමීපතමයෙකු වන ආමි උපුල් නම් පුද්ගලයෙකි.

ඔහු 45 හැවිරිදි බටුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන හිටපු යුද හමුදා සෙබළෙකු බවද පොලීසිය පවසනවා.

Tags