සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක්ගේ වත්කම් රාජසන්තක කිරීමේ සුදානමක්

ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු බවට පැවසෙන දෙමටගොඩ රුවනට සහ කරන්දෙණියේ සුද්දාට අයත් රුපියල් කෝටි ගණනක දේපල එළැඹෙන සති දෙක ඇතුළත රජයට පවරාගෙන රාජසන්තක කිරීමට නියමිත බව වාර්තා වනවා.

නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම ජාවාරම්කරුවන්ට අයත් කෝටි ගණනක් වටිනා ගොඩනැඟිලි, වාහන ඇතුළු දේපළ රැසක් මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගෙන ඇති බව විමර්ශනවලින් හෙළිව ඇති බවයි.

මේ අනුව ඔවුන් සතු මෙම දේපල රජයට පවරාගෙන ඒවා රාජසන්තක කිරීමට අවශ්‍ය කටයුතු ඉදිරි සති දෙක තුළ සිදු කිරීමට නියමිත බවද වාර්තා වනවා.

දෙමටගොඩ රුවන් නැමැත්තාට අයත් රුපියල් කෝටි 78කට අධික වටිනාකමෙන් යුත් දෙමටගොඩ නගරයේ පිහිටි ගොඩනැගිල්ලක් ද මේ ආකාරයට රජයට පවරා ගැනීමට නියමිතයි.

Tags