දේශීය පුවත්
බොරැල්ලේ වෙඩි තැබීමක්
බොරැල්ල සර්පන්ටයින් පාර ප්‍රදේශයේ ඊයේ (08) රාත්‍රියේ වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බවයි.
කෙසේ වෙතත් වෙඩි තැබීමෙන් ජීවිත හානි හෝ තුවාල සිදුවීම් වාර්තා වී නොමැති ඇත.
රිවෝල්වර වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව මුලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
පොලීසිය පැවසුවේ සංවිධානාත්මක අපරාධකරුවන් අතර ඇති වූ ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධව බොරැල්ල පොලීසිය මඟින් සිදුකරනු ලබනවා.
