සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ශ්‍රී ලාංකික තරුණියක් එක්සත් රාජධානියේදී ඝාතනයට ලක්වෙයි

එක්සත් රාජධානියේ වේල්ස් කාඩිෆ් හි ජීවත්. වූ ශ්‍රී ලාංකික තරුණියක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

South Wales පොලීසිය පවසන්නේ මියගිය තරුණිය 32 හැවිරිදි දෝන නිරෝධා කල්පනී නිවුන්හැල්ල ලෙස හඳුනාගෙන ඇති බවයි.

පසුගිය 21 වනදා පෙරවරු 7.37 හදිසි සේවා වෙත ලැබුණු දුරකථන ඇමතුමක් මත රිවර්සයිඩ් හි දකුණු මෝගන් ප්‍රදේශයට පොලීසිය කැඳවා ඇති බව සඳහන්.

එහිදී බරපතළ තුවාල සහිතව වැටී සිටි තුවාලකාරිය සොයාගෙන තිබුණා.

සෞඛ්‍ය අංශ විසින් අපරාධය සිදුවූ ස්ථානයේ දීම ඇයට ප්‍රතිකාර ලබාදුන්නද රෝහලට රැගෙන යාමට ප්‍රථම ඇය එම ස්ථානයේ දීම මියගිය බව පොලීසිය සඳහන් කරනවා.

ඝාතනයට සැකපිට 37 හැවිරිදි තවත් ශ්‍රී ලාංකික පුද්ගලයෙකු ඊට ආසන්න ප්‍රදේශයේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු මියගිය තරුණිය හඳුනන අයෙක් බවයි.

සැකකරු දැනට රඳවාගෙන ප්‍රශ්න කරන අතර සැකකාර අපරාධකරු පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහා අපරාධය සිදුවූ ප්‍රදේශය අවට පිහිටි CCTV දර්ශන ඔස්සේ විමර්ශන සිදුවෙමින් පවතිනවා.

Tags