දේශීය පුවත්
වාහන ආනයනය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්
වාහන ආනයනය සීමා කිරීමට රජයේ හෝ මහ බැංකුවෙන් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (23) මහ බැංකුවේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී වාහන ආනයනය සීමා කිරීමට රජය හෝ මහ බැංකුව තීරණය කර ඇත්දැයි ඇසු පැනයකට පිළිතුරු දෙමින්.
ප්‍රශ්ණය – පසුගිය දිනවල කිසියම් වාර්තා කිහිපයක් පලවෙලා තිබුනා වාහන ආනයනය සීමා කරන්න රජය සහ මහ බැංකුවෙන් අවධානය යොමු වෙලා තියනවා කියලා. මේකෙ කිසියම් සත්‍යතාවයක් තියනවා ද?
“මහ බැංකුවෙන් කිසිම අවධානයක් යොමු වෙලා නැහැ ඒවා සීමා කරන්න. විවෘත කරපු වෙළෙඳපොළ දිගටම විවෘතව පවතීවි. රජයෙත් එහෙම අදහසක් නැහැ. මම දන්න විදිහට එහෙම මම හිතන්නේ නැහැ.මම හිතන්නේ ඇමතිතුමා ප්‍රකාශයක් කරා එහෙම වෙනසක් කරන්නෙ නැහැ කියලා.”
මේ අතර මෙරට බැංකු සහ මුල්‍ය සමාගම් විසින් මෝටර් රථ වාහන සඳහා මුල්‍ය පහසුකම් සැපයීමේ දී අනුගමනය කළ යුතු ක්‍රමවේද යාවත්කාලීන කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නව මාර්ගෝපදේශ සංග්‍රහයක් පසුගියදා නිකුත් කරනු ලැබුවා.
ඒ සම්බන්ධව මහ බැංකු අධිපතිවරයා මෙහිදී පැහැදිළි කිරීමක් සිදු කළා.
“මේක restrict වෙනවා කියලා බලාපොරොත්තු වෙන්න බැහැ. නමුත් මේක ඇවිල්ලා Macroprudential මහ බැංකුව පැත්තෙන් මුදල් පද්ධතියේ ස්ථායීතාවය සහ ණය ගන්න පුද්ගලයාගේ සහ ණය ගෙවීමේ හැකියාව අනුව ඒ අවධානම තියෙනවා. යම්කිසි ආකාරයක ගැලපීමක් තමයි කරලා තියෙන්නේ මේ අවස්ථාවේ.”
