සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ප්‍රාදේශීය සභා මන්ත්‍රී තාරකගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී තාරක නානායක්කාර මහතාගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මාතර ප්‍රදේශයේ දී අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

වයස අවුරුදු 33 සැකකරු මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙනවා.

පසුගිය 16 වනදා අලුයම 4.40ට පමණ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලා ගොස් තිබුණා.

මේ වන විට අදාළ මන්ත්‍රීවරයා මරණ තර්ජන ඇති බව පවසා නිවසට පොලිස් ආරක්ෂාව ද යොදා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මෙම වෙඩි ප්‍රහාරය නිවසේ ගේට්ටුවට එල්ල වී තිබූ අතර ඉන් කිසිවකුටත් තුවාල සිදුව තිබුණේ නැහැ.

Tags