සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්

2017 වසරේ සිට 2020 වසර දක්වා කාලසීමාව තුළ ආගමික ස්ථාන විවිධ කටයුතු සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් මුල්‍ය සහාය ලබාදීමේ දී සිදුව ඇති බවට පැවසෙන අක්‍රමිකතා පිළිබඳව පරික්ෂා කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ජී. එම්. ඩබ්ලිව්. ප්‍රදීප් ජයතිලක සභාපතිත්වයෙන් මෙම කමිටුව පත්කර ඇති බවයි.

පසුගිය මැයි 17 වනදා පැවැති මධ්‍යම සංස්කෘතික අරමුදලේ 223 වන පාලක මණ්ඩල රැස්වීමේ දී මෙම අක්‍රමිකතා පිළිබඳව පරික්ෂා කිරීමට කමිටුවක් පත් කිරීමට තීරණය වී ඇති බව සඳහන්.

මේ අනුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

Tags