සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

මාරවිල සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට

මාරවිල මැද නාත්තන්ඩිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් ඊයේ (22) රාත්‍රී මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බවයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 10 හැවිරිදි දරුවෙකු ද ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එම දරුවා මියගිය කාන්තාවගේ පුත්‍රයා බවද පොලීසිය පවසනවා.

මියගිය 30 හැවිරිදි කාන්තාව මැද නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය මත්ද්‍රව්‍ය වරදක් පිළිබඳව රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප ලබා සිට පැමිණ ඇති බව සඳහන්.

අදාළ කාන්තාව ත්‍රිරෝද රථයකින් නිවසට පැමිණෙමින් සිටි අතරතුරදී නිවස ආසන්නයේ දී වෙඩි වැදීමට ලක්ව තිබෙනවා.

වෙඩි වැදීම සඳහා රිවොල්වර් වර්ගයේ ගිනිඅවියක් හෝ පිස්තෝලයක් භාවිතා කර ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Tags