දේශීය පුවත්
කොස්ගොඩ වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට
කොස්ගොඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙක් මියගොස් තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යු.වුට්ලර් මහතා පැවසුවේ අද (31) අලුයම 5.15ට පමණ කොස්ගොඩ දුවමෝදර ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
මෙලෙස වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 23 හැවිරිදි තරුණයෙකි.
ටී 56 ගිනි අවියක් මෙම වෙඩි තැබීම සඳහා භාවිත කර ඇති බවට පොලීසිය විසින් සිදුකළ මුලික විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
