සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,000 සීමාව ඉක්මවා යයි

කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය අද (03) පෙරවරුවේ දී ඒකක 22,000 සීමාව ඉක්මවීමට සමත්වුණා.

ඒ අනුව, දෛනික ගනුදෙනු සැසියක් අතරවාරයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,000 සීමාවට පැමිණි ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය ලෙසයි සටහන් වෙන්නේ.

අද (03) පෙරවරු 09.35 පමණ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,000 සීමාව ඉක්මවා ගිය අතර, ඒ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,017.56 ක් ලෙසින් සටහන්ව තිබුණා.

Tags