සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

තවත් ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වෙයි

තංගල්ල වෙරළට ඔබ්බෙන් වූ බහුදින ධීවර යාත්‍රාවක් පෙරලීමෙන් ධීවරයින් දෙදෙනෙක් අතුරුදහන්ව තිබෙනවා.

නාවික හමුදාව පවසන්නේ මෙම අවස්ථාවේ දී ධීවරයින් 6 දෙනෙක් එහි ගමන් කර ඇති බවයි.

මෙම අනතුරින් ධීවරයින් සිව් දෙනෙක් බේරාගෙන ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා තංගල්ල මුලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර පසුගියදා 27 දා පෙරවරුවේ ධීවර වරායෙන් ධීවර රැකියාව සඳහා පිටත්ව ගිය ‘මැක්සිම් පුතා 01’ නැමැති බහුදින යාත්‍රාව තංගල්ල ආසන්න මුහුදේ දී මෙලෙස අනතුරට ලක්වුණා.

එහිදී අනතුරට ලක්වූ ධීවර යාත්‍රාවේ අතුරුදහන්ව සිටි ධීවරයින් දෙදෙනාගෙන් එක් ධීවරයෙකු යාත්‍රාවේ සිරවී සිටියදී බේරාගෙන තිබෙනවා.

ඒ අනුව එම ධීවරයා නාවික හමුදාව විසින් බේරාගෙන ඊයේ (28) රාත්‍රී ගාල්ල වරායට රැගෙන ඇවිත් තිබුණා.

කෙසේ වෙතත් එම ධීවරයා යහපත් ශරීර තත්ත්වයෙන් සිටින බව වාර්තා වනවා.

දෙවුන්දර ධීවර වරායෙන් පසුගිය 27 වනදා සවස පිටත්ව මෙම යාත්‍රාවේ ධීවරයින් 5 දෙනෙක් සිට තිබෙනවා.

ඉන් එක් ධීවරයෙක් ඊයේ (28) පෙරවරුවේ බේරාගත්තද තවත් සිව් දෙනෙක් අතුරුදහන්ව තිබු බව වාර්තා වුණා.

එම අතුරුදන් ධීවරයින්ගෙන් දෙදෙනෙකුගේ සිරුරු හමු වූ අතර, එම සිරුරු මේ වනවිට නාවික හමුදාව විසින් ගොඩට රැගෙනවිත් තිබෙනවා.

Tags