සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ගල්කිස්ස අධිකරණයේ පොලිස්-නීතීඥ ගැටුමට නීතීඥ සංගමය කනස්සල්ල

ගල්කිස්ස අධිකරණ භූමියේ ඊයේ (10) පොලිස් නිලධාරියෙක් නීතීඥයෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වූ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කර දැඩි කනස්සල්ල පළ කර තිබේ.

නිවේදනයේ සඳහන් වූයේ, අධිකරණ පරිශ්‍රයේ සිදු වූ මෙවැනි සිදුවීම් නීති ක්‍රමයට හා නීතීඥයින්ගේ ආරක්ෂාවට අහිතකර බවයි. පොලිස් බලය පුද්ගලයන්ට එරෙහිව මෙලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විරුද්ධතාවයක් පවතින බවද එහි දැක්වේ.

අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර, එළැඹෙන සඳුදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණි. ඔහු තමන් නීතීඥවරයාට පහරදීම සිදු නොකළ බව පවසා ඇත.

නීතීඥ සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියේ, මෙවැනි සිදුවීම් නැවත සිදු නොවීම සඳහා අවධානයෙන් සිටිය යුතු බවයි.

Tags