සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ජාතික අවම වේතනය වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

2025 අයවැය යෝජනාවට අනුව, රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමේ ක්‍රියාමාර්ගයක් කැබිනට් මණ්ඩලය අනුමත කර තිබේ.

එය අනුව, 2025‑04‑01 සිට මාසික අවම වේතනය රු.17,500/- සිට රු.27,000/- දක්වාද, 2026‑01‑01 සිට රු.30,000/- දක්වා වැඩි වන අතර, අතිකාල, පාරිතෝෂික, නිවාඩු දින ගෙවීම් සහ සේවක අර්ථසාධක අරමුදල් යන සියලු ගෙවීම් සඳහා මෙම නියමයන් අදාළ වේ.

අතරමැදියෙකු හෝ කොන්ත්‍රාත්කරුවෙකු හරහා සේවයේ නිරත සේවකයින්ද මෙම නියමයට යටත්ව වන අතර, කම්කරු කොමසාරිස් ජනරාල් වරයාට විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ බලය හිමිවී ඇත.

Tags