සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

කීරි සම්බා ආනයනයට කැබිනට් අනුමැතිය

වී මෝල්හිමියන් විසින් කීරි සම්බා සහල් තොග සැඟවීමෙන් දේශීය වෙළෙඳපොළේ සහල් හිඟයක් ඇති කර ඇති බව ගොවීන් සහ සුළු මෝල්හිමියන්ගේ සංගමය පවසයි. ඔවුන් කියාසිටියේ, පාලන මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවියත් සමඟ පාරිභෝගිකයන් දැඩි අපහසුතාවයකට මුහුණ දී ඇති බවය.

මෙවන් තත්ත්වයක් යටතේ රජය විසින් කීරි සම්බා සහල්වලට ආදේශක සහල් වර්ගයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇත. ඒ අනුව පසුගිය (15) වැනිදා සිට මාසයක කාලයක් තුළ එක් ආනයනකරුවෙකුට පොන්නි සම්බා මෙට්‍රික්ටොන් 520ක් දක්වා ආනයනය කිරීමට අවසර ලබා තිබේ.

ගොවීන්ගේ සංගමය අනතුරු අඟවන්නේ, මේ ආනයන ක්‍රියාවලියත් නව සහල් මාෆියාවකට දාර විවර කිරීමට හේතු විය හැකි බවයි.

Tags