සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

දේශබන්දු තෙන්නකෝන් දැඩි ආතතියෙන්!

රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණු සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළ ගත කළ පළමු දිනයේ ආහාර ගැනීම පවා ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වනවා.
 
මේ අතර ඔහු දැඩි ලෙස මානසිකව කඩා වැටී ඇති බවත්,කිසිවෙකු සමග කතාබහ නොකර ඇති බවත් සදහන්.
 
වැලි­ගම පැලෑන ප්‍රදේ­ශයේ සිදු වූ වෙඩි ප්‍රහාරයෙන් පොලිස් නිලධා­රි­යකු මිය යෑමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධ­නා­ගා­ර ­ගතකර සිටින සැකකාර පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහ­තාට ඇප ලබා දෙන ලෙස විත්තියේ නීති­ඥ­වරු කළ ඇප ඉල්ලී­මක් ප්‍රති­ක්ෂේප කළ මාතර මහේ­ස්ත්‍රාත් අරුණ බුද්ධ­දාස මහතා සැක­කරු ලබන 03 වැනිදා තෙක් තව­දු­ර­ටත් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට ඊයේ (20) නියෝග කරනු ලැබුවා.
 
සැක­කරු දැඩි ආර­ක්ෂා­වක් යටතේ බන්ධ­නා­ගා­රයේ වෙනම ආර­ක්ෂක ස්ථාන­යක රඳවා තබන ලෙසටද මහේ­ස්ත්‍රා­ත්ව­රයා බන්ධ­නා­ගා­ර­යට නියෝග කර තිබෙනවා.
 
ඒ අනුව සැක­කාර පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා අප්‍රේල් 03 වනදා දක්වා දුම්බර සිර මැදි­රිය තුල රදවා තබා තිබෙනවා.
Tags