සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

පාර්ලිමේන්තු විමර්ශන කමිටුවෙන් දේශබන්දු වරදකරු වෙයි

ධූරයේ කටයුතු කිරීම අත්හිටුවනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීම සඳහා ඔහු සම්බන්ධව විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව නිර්දේශ කර ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (22) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

මෙහිදී කථානායකවරයා ප්‍රකාශ කර ඇත්තේ අදාළ කමිටු වාර්තාව තමන්ට ලැබුණු බවත් එමඟින් දේශබන්දු මහතා ඔහුට එරෙහි චෝදනාවලට ඒකමතික වැරදිකරු කර ඇති බවත්ය.

මේ අතර අදාළ වාර්තාව මුද්‍රණය කිරීමට සහ පාර්ලිමේන්තු වෙබ් අඩවියේ දැක්වීමටත් තීරණය කර තිබෙනවා.

දේශබන්දු තෙන්නකෝන් මහතා සිදුකර ඇති බව කියන විෂමාචාර සහ සිය ධූරයේ බලතල බරපතළ අන්දමින් භාවිතා කිරීම සඳහා විමර්ශනය කර වාර්තාවක් සකස් කිරීම සඳහා විශේෂ පරීක්ෂණයක් කමිටුවක් පසුගිය අප්‍රේල් මසදී පත් කරනු ලැබුවා.

මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා කටයුතු කළා.

මෙහි සෙසු සාමාජිකයින් ලෙස විනිසුරු නීල් ඉද්දවෙල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක යන මහත්වරුන් කටයුතු කළා.

මෙම පරීක්ෂණ කමිටුව අවස්ථා 10කට වැඩි ගණනකදී රැස්වී සාක්ෂි සටහන් කර ගැනීම සිදුවූණා.

තවද ජුලි මස 16 වනදා සිට එම පරීක්ෂණ කමිටුව දිනපතා රැස්වී සාක්ෂි සටහන් කර ගැනීමට පියවර ගැනුණු අතර පරීක්ෂණ කමිටුවේ සාක්ෂි සටහන් කර ගැනීම පසුගියදා සම්පුර්ණයෙන්ම අවසන් කෙරුණා.

Tags