සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

විදුලිබල සේවකයින් අද ලෙඩ වෙයි

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පතට විරෝධය පළකරමින් අද (22) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලි වෘත්තීය සමිති පවසනවා.

ඊයේ (21) කොළඹ දී ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් වෘත්තීය සමිති නියෝජිතයන් කියා සිටියේ විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දී වෘත්තීය සමිති 28ක නියෝජිතයින් අද (22) විරෝධතාවක් සිදුකරන බවයි.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්මත කිරීමට නම් තුනෙන් දෙකක විශේෂ බහුතරයක් මෙන්ම ජනමත විචාරණයක් ද අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා කථානායකවරයා වෙත දැනුම් දුන්නා.

මේ අනුව ආණ්ඩුව සැලසුම් කර ඇත්තේ කාරක සභා අවස්ථාවේදී ඊට අදාළ සංශෝධන කෙටුම්පතට ඇතුළත් කිරීමටයි.

විදුලිබල සංශෝධන කෙටුම්පත පිළිබද දෙවන වර කියවීමේ විවාදය අනිද්දා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Tags