සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

කීර්තිමත් රාජ්‍ය සේවකයෙකු වූ බ්‍රැඩ්මන් වීරකෝන් අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයෙකු මෙන්ම කීර්තිමත් රාජ්‍ය පරිපාලන නිලධාරියෙක් වූ දේශමාන්‍ය බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 94 වන වියේ පසුවුණා.

බ්‍රැඩ්මන් වීරකෝන් මහතා කළුතර සිරි කුරුස විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලබා පසුව ගුරුතලාවේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ද්විතීය අධ්‍යාපනයෙන් පසු පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත්ව තිබුණා.

එහි ආර්ථික විද්‍යාව සහ සමාජ විද්‍යාව විෂයයන්ගෙන් ගෞරව උපාධියක් ලබා ඇති ඔහු Fulbright ශිෂ්‍යත්වයක් ලබා අමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් විශ්වවිද්‍යාලයයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති (MA) උපාධියක්‌ හිමිකර ගත් පුද්ගලයෙකි.

1954 වසරේ දී ශ්‍රී ලංකා සිවිල් සේවයට බැඳුනු ඔහු දිවයිනේ ප්‍රදේශ කිහිපයකම සේවය කර ශ්‍රීමත් ජෝන් කොතලාවල අගමැතිවරයාගේ ලේකම් වශයෙන් පත්වී 2002 වසර දක්වාම තේරී පත්වූ අගමැතිවරුන් හත්දෙනෙකුගේ සහ ජනාධිපතිවරුන් දෙදෙනෙකුගේ ලේකම්වරයා වශයෙන් සුවිශාල සේවයක් කර තිබෙනවා.

Tags