සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

හිටපු ජනාධිපති රනිල්ට ඉක්මණින් හෘද සැත්කමක්? – රෝහලෙන් ඇහුණු අලුත්ම පුවත මෙන්න

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කඩිනමින් හෘද සැත්කමක් සඳහා යොමු කිරීම යෝග්‍ය බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා.

ඔහු කියා සිටියේ එම සැත්කම ජාතික රෝහල තුළ සිදු කිරීම සඳහා පොරොත්තු ලේඛනයේ සිටිය යුතු බවයි.

නොඑසේනම් පෞද්ගලික රෝහලකට යොමු වී එය සිදු කර ගැනීමේ හැකියාව ඒ මහතාට ඇති බවද ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මෙහිදී සඳහන් කළා.

“ඔහුට සංකූලතා ටිකක් තියෙනවා හෘද වස්තුවේ. ඒකට ඔහුව ඉක්මනින්ම ශල්‍යකර්මයකට යොමුකරනවා නම් හොඳයි. ඒ ශල්‍යකර්මයට ඔහුට ඇප ලැබුණ නිසා ඔහුට හැකියාව තියෙනවා ඔහු කැමති රෝහලකට යන්න. ජාතික රෝහලේ පොරොත්තු ලේඛනය සමහර වෙලාවට අවුරුදු 3ක් විතර. ඒ නිසා ඔහුට පුද්ගලිකව වියදමක් දරා ඔහු කැමති රෝහලකින් ඉක්මනින් සිදුකළ ගත හැකියි. දැනට ඔහුට කිරීටක ධමනියවල අවහිරතාවයක් තියෙනවා කියලා වාර්තා වෙනවා. විජලන තත්ත්වයකුත් තියෙනවා. එය ක්‍රමානුකූලව එම තත්ත්වය පහව යනවා. ඒ තත්ත්වය තුළ අපිට සොයා ගන්න පුළුවන් වුණා හෘදවස්තුව දුර්වලයි කියලා.එයට ශල්‍යකර්මයක් සිදුකිරීම තුළින් යථාතත්ත්වයට පත්කර ගන්න වෙයි.”

මේ අතර ඇපමත මුදා හැරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි දින කිහිපය තුළ ද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබීමට අපේක්ෂා කරන බව හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කරන්නේ වෛද්‍ය ප්‍රතිකාර අවසන් වීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා සියලු පාර්ශව ආමන්ත්‍රණ කිරීමට නියමිත බවයි.

තවද රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පත් වූ අවස්ථාවේ සිට ව්‍යවස්ථාවේ ඒකාධිපතිවාදය පැරදවීම සඳහා එක්වූ සියලු දෙනාට ස්තූතිය පළ කරන බවද එහි වැඩිදුරටත් සඳහන් වනවා.

Tags