සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

කතරගම කිරිවෙහෙර නායක ස්වාමීන්වහන්සේගේ ආරක්ෂාව ඉවත් කළ බව අසත්‍ය පුවතක්

කතරගම කිරිවෙහෙර පුරාණ විහාරස්ථානයේ නායක ස්වාමීන්වහන්සේ කොඹවක ධම්මින්ද ස්වාමීන්වහන්සේගේ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බවට සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය හරහා පළවූ පුවත අසත්‍ය බව පොලිසිය ප්‍රකාශ කර ඇත.

මාතර සහ හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ වාර්තාවක් අනුව, කතරගම දේවාල පරිශ්‍රයේ ආරක්ෂාව සඳහා පැය 24ම සේවය කරන පොලිස් නිලධාරීන් 16 දෙනෙකු සහ සිවිල් ආරක්ෂක නිලධාරියෙකු පත් කර ඇති අතර, නායක ස්වාමීන්වහන්සේගේ පුද්ගලික ආරක්ෂාව සඳහාද පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ස්ථිරව යොදවා ඇත.

අමතරව, එම පරිශ්‍රයේ යුද හමුදා අනුකණ්ඩයක්ද ස්ථාපිත කර ඇති බවත්, එම හමුදා සාමාජිකයින්ගෙන්ද විහාරස්ථානයේ ආරක්ෂාවට සහය ලැබෙන බවත් වාර්තාවේ සඳහන්ය. ඒ අනුව, කතරගම කිරිවෙහෙර නායක ස්වාමීන්වහන්සේගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට පළවූ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිසිය තහවුරු කරයි.

Tags