සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ හිටපු ප්‍රාදේශීය මන්ත්‍රී මරුට

මීගොඩ ආටිගල මාවතේ දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී වෙඩි වැදීමකින් බරපතළ තුවාල ලබා සිටි හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (12) දහවල් කාලයේ දී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය පැවසුවේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව මහතාට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි.

බරපතළ තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර සිටිය දී ඒ මහතා මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

46 හැවිරිදි ඔහු වටරැක පාදුක්ක ප්‍රදේශයේ පදිංචි පදිංචිකරුවෙකි.

වෙඩි තැබීමට හේතුව හා යොදාගත් ගිනිඅවිය පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැහැ.

මියගිය පුද්ගලයා ඉඩම් ආරවුල් සම්බන්ධයෙන් පොලීසියට මීට පෙර පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කර ඇති බවද තොරතුරු හෙළිව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Tags