දේශීය පුවත්
2028 ණය ගෙවන්න පුළුවන් නම් ඔක්කොම ඇතුළට දැම්මත් කමක් නෑ – විමල් විරවංශ
2028 වසරේ දී විදෙස් ණය ආපසු ගෙවීම සඳහා වත්මන් ආණ්ඩුවට කිසිඳු වැඩපිළිවෙලක් සැලැස්මක් හෝ වුවමනාවක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.
හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (29) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ඔවුන් දන්නා එකම දේ ලෙස විපක්ෂ දේශපාලනඥයින් සිරගත කරමින් සිටින බවද ඔහු මෙහිදී කියා සිටියා.
“මේක 2028 නැවත ණය ගෙවන්න සිද්ධ වෙන රටක්. ඒවාට කිසිම සැලැස්මක්, කිසිම ක්‍රියාමාර්ගයක් නෑ. බන්ධනාගාර බස් රථයට විතරක් වැඩ තියෙනවා, එච්චරයි. ආණ්ඩුවට වෙන කරන්න කිසිදෙයක් තේරෙන්නෙත් නෑ, දන්නෙත් නෑ, ඕනෙකමකුත් නෑ. දන්න එකම දේ ඒක විතරක් කරන් ඉන්නවා. ඉතින් ඒක විතරක් කරලා 2028 ණය ගෙවන්න ලැබෙනවා නම් ඉන්න ඔක්කෝම ඇතුළට දැම්මත් කමක් නෑ”
ප්‍රශ්නය – මේගොල්ලන්ටත් ඔය ඉරණමම අත්වෙයිද ?
“සෑම ක්‍රියාවකටම සමාන වූ ද ප්‍රතිවිරුද්ධ වූ ද ප්‍රතික්‍රියාවක් තියෙනවා”
ප්‍රශ්නය – පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න විපක්ෂයෙන් ආණ්ඩුවට සපෝට් එකක් දීලා තියෙනවා ?
“ඒක සජිත් ප්‍රේමදාසගෙන් අහන්න”
