දේශීය පුවත්
වව්නියාව නගර සභා නගරාධිපතිට සහ නියෝජ්‍ය නගරාධිපතිට එරෙහිව අතුරු තහනම් නියෝගයක්
වව්නියාව නගර සභාවේ නගරාධිපති සුන්දරලිංගම් කාන්දීපන් සහ නියෝජ්‍ය නගරාධිපති පරමේශරන් කාර්තිපන් යන අය ඔවුන්ගේ තනතුරු වල රැඳීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ඊයේ (21) අභියාචනාධිකරණයේ විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල විසිනි.
වව්නියාව නගර සභාවේ සාමාජිකයින් දෙදෙනෙකු වන කන්දයියා විජය කුමාර් සහ සිවසුභ්‍රමණියම් ප්‍රේමදාස් යන අය ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත. පෙත්සම්කරුවන් සඳහන් කර ඇත්තේ, නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපතිවරුන්ට ප්‍රමාණවත් ඡන්ද නොලැබී ඇති අතර නියෝජ්‍ය නගරාධිපතිවරයා නගර සභා බලප්‍රදේශයෙන් පිටත පදිංචි අයෙකු බවය.
අධිකරණය මෙම අතුරු තහනම් නියෝගය පෙත්සම විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන ලෙසත්, එය නැවත නොවැම්බර් 19 වනදා විභාග කිරීමට නියම කර ඇත.
