දේශීය පුවත්
අයහපත් කාලගුණ තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 7කට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි
පවතින අයහපත් කාලගුණය සමඟ දිස්ත්‍රික්ක 7ක් සමඟ නාය යාමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධාන කටයුතු කර තිබෙනවා.
එම සංවිධානය සඳහන් කළේ රත්නපුර, කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, මහනුවර යන දිස්ත්‍රික්කවලට මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.
මේ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම සහ රත්නපුර ප්‍රදේශවලට අදියර 2ට යටතේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.
ඊට අමතරව අදියර 1 යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, අඟලවත්ත, පාලින්දනුවර, බුලත්සිංහල සහ මතුගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිකුත් කර ඇත.
මහනුවර දිස්ත්‍රික්කයේ ගඟඉහළ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, දැරණියගල, දෙහිඕවිට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, ඇහැළියගොඩ, නිවිතිගල, කුරුවිට, ඇළපාත සහ කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 01 යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.
