දේශීය පුවත්
ලොකු පැටී සහ දේවාල කපුවා රක්ෂිත බන්ධනාගාරගත කරයි
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති “ලොකු පැටී” ලෙස හැඳින්වෙන සැකකරු හා ඔහුට ආධාර කළ බව කියන දේවාල කපුවෙකු ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
අධිකරණය ඉදිරියේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසුවේ, ලොකු පැටීගේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ලැබුණු මුදල් සැකකාර කපුවාගේ ගිණුමට තැන්පත් කර ඇති බවය. එමඟින් රුපියල් කෝටි 33කට ආසන්න මුදලක් ගනුදෙනු වී ඇති බවද අනාවරණය වී ඇත.
නීතිඥයන් දෙපාර්ශ්වය විසින් ඇප ඉල්ලීම් ඉදිරිපත් කළ අතර, අධිකරණය සඳහන් කළේ එම ඉල්ලීම් පිළිබඳ නියෝගය ලිඛිතව ලබාදීමට යන බවය.
ඒ අනුව, අදාළ නියෝගය ලබන ඔක්තෝබර් 31 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
