දේශීය පුවත්
රථ වාහන දඩ ඔන්ලයින් ගෙවීමේ ක්‍රමවේදයක්
රථවාහන වැරදි සම්බන්ධයෙන් පොලීසිය විසින් රියදුරන්ට නිකුත් කරනු ලබන දඩ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ගෙවීමට පහසුකම් සලසා දීමට ශ්‍රී ලංකා පොලීසිය විසින් කටයුතු සකස් කර තිබෙනවා. රජය විසින් මේ වන විට හඳුන්වා දී තිබෙන GovPay මෘදුකාංගය හරහායි එලෙස ගෙවීම් කිරීම සඳහා අවස්ථාව සලසා දී ඇත්තේ.
මාර්ග ආරක්‍ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ මෙම මස 30 වනදා දක්වා එම නියමු ව්‍යාපෘතිය කුරුණෑගල සිට අනුරාධපුරය දක්වා මාර්ගයේ ස්ථාන 11කදී ක්‍රියාවට නංවා තිබෙන බවයි.
