දේශීය පුවත්
තුෂාර උපුල්දෙණිය මහතා ලබන ජුලි 9 වනදා රක්ෂිත බන්ධනාගාරයට
වැඩ තහනමට ලක්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ලබන ජුලි 9 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
ජනාධිපති සමාව මත අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු නිදහස් කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බව සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනවා.
මේ අනුව ඊට අදාළ නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (25) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් සහ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න යන මහත්වරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.
