දේශීය පුවත්
ජනාධිපතිවරණයේ ප්රචාරණ කටයුතු අවසන් වීමෙන් පසු සමාජ මාධ්‍යය සඳහාත් විශේෂ වැඩපිළිවෙලක්!
ජනාධිපතිවරණයේ ප්රචාරණ කටයුතු අවසන් වීමෙන් පසු සමාජ මාධ්ය ඔස්සේ සිදුකරනු ලබන ප්රචාරයන් වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
නිහඬ කාලසීමාවේ කිසිදු ප්රචාරණයක් සිදුකිරීමට නීතියෙන් තහනම් බවත් එම කාලසීමාවේ සමාජ මාධ්ය ප්රචාරණය සම්බන්ධයෙන් ක්රියාකළ යුතු ආකාරය පිළිබඳ අදාළ ජාත්යන්තර සමාගම් සමග සාකච්ඡා කර ඇති බවත් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කරනවා.
ජනාධිපතිවරණයේ ප්රචාරණ කටයුතු ලබන 18 වැනිදා මධ්යම රාත්රියෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා.
