දේශීය පුවත්
KDU වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීමට නව නිර්දේශ
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (KDU) වෛද්‍ය පීඨයේ වාර්ෂික සිසුන් 150 දෙනෙකුට සීමා කළ යුතු බව වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීම අධීක්ෂණය කිරීම සඳහා පත් කරන ලද කමිටුව නිර්දේශ කර තිබෙනවා.
එම කමිටුව නිර්දේශ කර ඇත්තේ උපරිම වශයෙන් දේශීය සිවිල් සිසුන් 100 දෙනෙක් ඇතුළත් කරගත යුතු බවයි.
ත්‍රිවිධ හමුදා සිසුන්, විදේශිකයන් සහ දේශීයයන් යන අනුපිළිවෙලින් ප්‍රමුඛතාවය ලබා දිය යුතු බවයි එම කමිටුව වැඩිදුරටත් පෙන්වා දෙනවා.

