සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

විශ්වාසභංගය අවසන් තීන්දු අද

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් බාර දෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව පිළිබඳව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී අද (21) අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) දහවල් පැවැත්වීමට නියමිතයි.

කථානායකවරයා මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ දී පසුගිය 19 වනදා ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ විශ්වාසභංගය ගැන තීරණය තම සභාවට පසුව දැනුම් දෙන බවයි.

නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට විෂය පථයක් පැවරී නැති හෙයින් එවැනි අයෙකුට විශ්වාසභංග යෝජනාවක් ගෙනා නොහැකි බව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් තර්ක කරනු ලබනවා.

මේ අතර එම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායකයන් පාර්ලිමේන්තුවේදී ඊයේ (20) රැස්වී සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා.

Tags