දේශීය පුවත්
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ගිනිගත් ටැංකිය ගැන අද ස්ථානීය පරීක්ෂණයක්
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ හටගත් ගින්න මේ වන විට සම්පුර්ණයෙන්ම මැඩපවත්වා තිබෙනවා.
කොළඹ ගිනි නිවීමේ හමුදාවේ ගිනි නිවන රථ 7ක් ඇතුළු ගිනි නිවීමේ රථ කිහිපයක් යොදා ගනිමින් ගින්න මැඩපැවැත්වීමට පියවර ගැනුණා.
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරමින් තිබූ ටැංකියක ඊයේ (10) රාත්‍රී මෙම ගින්න හටගෙන තිබුණා.
එහි සේවකයෙක් පැවසුවේ ගින්න මැඩපැවැත්වීම සඳහා විශාල කාලයක් ගත වූ බවයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අද (11) දිනයේ ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.
