දේශීය පුවත්
රාජිතව අත්අඩංගුවට ගන්නැයි නියෝග
කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට පාඩුවක් සිදු කළ බවට පැවසෙන සිද්ධියක් සම්බන්ධව සැකකරුවෙකු ලෙස නම් කර ඇති හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (11) නියෝග කළා.
එහිදී අල්ලස් කොමිසම ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලු මහේස්ත්‍රාත්වරයා පෙන්වා දී ඇත්තේ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසම කිසිඳු බාධාවක් නොමැති බවයි.
ධීවර වරාය නීතිගතව සංස්ථාවට ඉදිරිපත් කළ වැලි කැනීමේ ව්‍යාපෘතියක් නීති විරෝධී විදේශීය සමාගමකට භාරදී රජයට රුපියල් ලක්ෂ 263කට අධික පාඩුවක් සිදු කිරීම පිළිබඳව විමර්ශනය කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කෙරුණා.
