සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ශ්‍රී දළදා මාළිගාව සතු දේපළ අවභාවිතා වීම වැළැක්වීමට නියෝග ඉල්ලා පෙත්සමක්

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩබලන දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් එම මාලිගාවට අයත් දේපළ අවභාවිතා කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇත. මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත මහතා ය.

පෙත්සම්කරු සඳහන් කර සිටියේ, විහාර හා දේවාල ගම් පනත යටතේ දළදා මාලිගාවට අයත් දේපළ පැවරීම, අන්සතු කිරීම හෝ බදුදීම සම්පූර්ණයෙන්ම තහනම් බවය. එසේ තිබියදීත් වත්මන් වැඩබලන නිලමේවරයා විසින් මාලිගාවට අයත් දේපළ ඉකුත් කාලයේදී අවභාවිතා කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. ඒ අනුව, දළදා මාලිගාව සතු වත්කම් සහ නිශ්චල දේපළ අන්සතු කිරීම, පැවරීම හෝ විකිණීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඊට අමතරව, මාලිගාව සතු දේපළ පිළිබඳ සම්පූර්ණ විගණනයක් සිදුකරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත්, දළදා මාලිගාවේ පාලන කටයුතු මෙහෙයවීම සඳහා තාවකාලික භාරකරුවකු පත්කරන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබේ.

Tags