සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

පුනරුත්ථාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථාන තුනක් ආරම්භ කිරීමට සැලසුම්

පුනරුත්ථාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථාන තුනක් මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

මාතර, කුරුණෑගල හා මඩකලපුව යන ප්‍රදේශවල එම පුනරුත්ථාපන මධ්‍යස්ථාන ඉදි කිරීම ආරම්භ කරන බවයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කළේ.

මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානවල පුද්ගලයින් 120 දෙනෙකුට පමණ ප්‍රතිකාර ලබාදීමේ හැකියාව පවතිනවා.

මේ අතර, මහනුවර පේරාදෙණිය ප්‍රදේශයේ අවුරුදු 21 ට අඩු දරුවන් සඳහා පුනරුත්ථාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබෙන අතර, ලබන වසරේ පළමු මාසය වන විට මෙය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Tags