දේශීය පුවත්
රනිල් බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට
බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීම සඳහා වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර තිබෙනවා.
ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳව පරික්ෂ කිරීමෙන් අනතුරුව බන්ධනාගාර වෛද්‍යවරුන් අදාළ නිර්දේශය ලබාදී ඇති බව වාර්තා වනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ලබන 26 වනදා දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු ඒ මහතා ඊයේ (22) රාත්‍රියේ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කෙරුණා.
එහිදී වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ රුධිර ඉහළ යෑම සහ සීනි මට්ටම ඉහළ යෑම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙසයි.
මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දිගින් දිගටම නිරීක්ෂණය කළ බන්ධනාගාර වෛද්‍යවරුන් ඔහුට නිවසින් කෑම ලබාදීමට ද නිර්දේශය කර තිබුණා.
ඒ අනුව ඊට බන්ධනාගාර මූලස්ථානයේ අනුමැතිය හිමිවී ඇති බවද වාර්තා වනවා.
