දේශීය පුවත්
ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන නීතිගත කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින් සකස් කිරීමට අභියාචනාධිකරණයට ඉල්ලීමක්
ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන (ස්පා) නීතිගත කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කිරීමට අභියාචනාධිකරණය මගින් නියෝග ලබාදෙන ලෙස ඉල්ලා, ලංකා සම්බාහන අයිතිකරුවන්ගේ සංගමය රිට් පෙත්සමක් ගොනු කර ඇත.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සහ ආයුර්වේද කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
පෙත්සම්කරුවන් සඳහන් කර ඇත්තේ, 2019 සිට ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන සඳහා බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇති නිසා, ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු හා වෘත්තිය නිදහසට බාධා වී ඇති බවයි. අදාළ පනත් කෙටුම්පත කඩිනමින් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණයෙන් නියෝගයක් ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලීමේදී අවධාරණය කර ඇත.
