දේශීය පුවත්
ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා පාර්ලිමේන්තු සමුළුවට එක්ව කාන්තා දේශපාලනික සුරක්ෂිතතාවට කටයුතු කරයි
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසන්නේ, කාන්තාවන්ට පීඩනයෙන් හා හිංසනයෙන් තොරව දේශපාලන ක්ෂේත්‍රයට යෙදිය හැකි අයිතිය තහවුරු කිරීමට ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බවයි.
බාබඩෝස් හි පැවැත්වෙන 68 වන පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවේ 9 වන කාන්තා පාර්ලිමේන්තු සමුළුවේදී ඇය “වෛරයෙන් තොර විවාදයක් වෙනුවෙන්” යන තේමාව යටතේ අදහස් දැක්වීය.
ඇය කාන්තාවන්ගේ දේශපාලනික සුරක්ෂිතතාවය සඳහා, ආරක්ෂිත ඔන්ලයින් අවකාශයක් සලසා දීම, භාෂණ නිදහස හිංසනයෙන් ආරක්ෂිතව පවත්වා ගැනීම, ජාත්‍යන්තර චර්යාධර්ම සංග්‍රහයක් හඳුන්වාදීම සහ පාර්ලිමේන්තු නියෝජිතයින් සඳහා අනිවාර්ය පුහුණු වැඩසටහන් පැවැත්වීම යන ක්‍රියාමාර්ග ගැනීමේ යෝජනා කර තිබේ.
මෙම වැඩසටහන් පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා නියෝජිතයින්ගේ පැසසුමටද යොමු කර තිබේ.
