දේශීය පුවත්
සාකච්ඡාවල නිරත වන්න – ශ්‍රී ලංකාව ඊශ්‍රායලයෙන් සහ ඉරානයෙන් ඉල්ලයි
පවතින නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයන්තයන්හි නිරත වන ලෙස ශ්‍රී ලංකාව ඊශ්‍රායලයෙන් සහ ඉරානයෙන් ඉල්ලා සිටිනවා.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.
අදාළ නිවේදනයෙන් ශ්‍රී ලංකාව පෙන්වා දී ඇත්තේ ඊශ්‍රායලය සහ ඉරානය අතර මෑත කාලීනව වර්ධනය වී ඇති ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානය යොමු කර සිටින බවයි.
දෙරට අතර කටයුතු සාමකාමීව සිදුකරන ලෙසත් සාකච්ඡාවල නිරත වී නොසන්සුකාරී තත්ත්වය සමනය කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මුලපිරීම් අනුගමනය කරන ලෙසත් ලංකාව ඉල්ලා සිටින බව එම නිවේදනයේ සඳහන්.
දෙරටේ තිබෙන ශ්‍රී ලංකා දූත මණ්ඩල මඟින් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර දෙරටෙහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුවද කටයුතු කරන බවද මෙරට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ පෙන්වා දී තිබෙනවා.
මෙලෙස ඔවුන්ට දැඩි අවධානයෙන් පසුවන ලෙසත් සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙසත් දූත මණ්ඩල මඟින් උපදෙස් ලබා දී ඇති බව වාර්තා වනවා.
