සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා පිල ලකුණු 258ක් රැස් කරයි

එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර තරගය මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 50ක් තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 258ක් රැස් කිරීමට සමත් විය.

චමරි අතපත්තු (53) සහ විශ්මි ගුණරත්න (42) ද්විත්ව සාර්ථක ආරම්භයක් ලබා දෙමින් පළමු කඩුල්ලට ලකුණු 101ක සබඳතාවක් ගොඩනැගුවාය. එමෙන්ම හර්ෂිතා මාධවී සහ හසිනි පෙරේරා තුන්වැනි කඩුල්ලට ලකුණු 58ක සබඳතාවයක් තැබූ අතර නිලක්ෂිකා සිල්වා පන්දු 26කදී වේගවත්ම අර්ධ ශතකයක් රැස් කිරීමට සමත්වුණාය.

අවසන් පන්දුවාරයේදී ශ්‍රී ලංකාව ලකුණු 16ක් අමතරව ලබා ගත් අතර, නිලක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 55ක් සමඟ ඉනිම නිමා කළාය.

මේ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 258ක් රැස් කළේ ලෝක කුසලාන තරගාවලියේදී ඔවුන් විසින් වාර්තා කළ දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

තරගය ජය ගැනීම සඳහා නවසීලන්ත කාන්තා කණ්ඩායමට ලකුණු 259ක ඉලක්කයක් හිමිව ඇත.

Tags