සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

මරණ දඬුවමට එරෙහිව ජුලම්පිටිය අමරේ ඉදිරිපත් කර තිබුණු ඇපෑල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කරයි

මිනී මැරීමේ චෝදනාවට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටින ජී.ජී. අමරසිරි හෙවත් ‘ජුලම්පිටිය අමරේ’ නමැත්තාට පනවා තිබූ මරණීය දණ්ඩනයට එරෙහිව ඔහු විසින් ඉදිරිපත් කළ ඇපෑල විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (07) නියෝග කළා.

‘ජුලම්පිටිය අමරේ’ නමැත්තාට තංගල්ල මහාධිකරණය විසින් ප්‍රකාශිත මරණීය දණ්ඩනය තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

2012 වසරේ කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදී වෙඩි තබා, පුද්ගලයින් දෙදෙනෙකු මරා දමා, තවත් අයෙකුට මාරාන්තික තුවාල සිදු කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු මෙම විත්තිකරුට තංගල්ල මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබුණා.

Tags