සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

රනිල්ගේ හදිසි නීති රෙගුලාසිවලින් මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

2022 වසරේ ජුලි මස 17 වනදා අරගලකරුවන් පාලනය කිරීම සඳහා එවක වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහජන ආරක්ෂක පනත යටතේ රටපුරා ප්‍රකාශයට පත් කරනු ලැබූ හදිසි නීති රෙගුලාසි තුළින් මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කළේ වැඩබලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මහජන ආරක්ෂක පනතේ 2 වගන්තිය යටතේ නිකුත් කරනු ලැබූ හදිසි නීති රෙගුලාසි අත්තනෝමතික මෙන්ම බල ශූන්‍ය බවයි.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ යන බහුතර විනිසුරුවරු විසින් මෙම තීන්දුව ලබාදුන්නා.

කෙසේ වෙතත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ වැඩබලන ජනාධිපතිවරයාගේ හදිසි නීති ප්‍රකාශය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය නොවන බවයි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක වන අම්බිගා සත්කුණනාදන් සහ ලිබරල් තරුණ ව්‍යාපාරය විසින් මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

ඊට අමතරව පෙත්සම්කරුවන්ට නඩු ගාස්තු ගෙවන ලෙසත් රජයට නියම කෙරුණා.

Tags