සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

මොරටුවේදී සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

මොරටුව පොලිස් වසමේ කුරුස හන්දිය ප්‍රදේශයේදී සොරකම් රැසකට අවශ්‍යව සිටි සැකකරුවෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පවසන්නේ, සැකකරු ඊයේ (10) උදෑසනදී ලද විශේෂ තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගැනීමේ අවස්ථාවේදී ඔහු සතුව තිබූ රන් මාලයක් සහ පසුම්බියක්ද පොලිස් භාරයට ගෙන ඇත.

විමර්ශනවලින් අනාවරණය වූයේ, එම භාණ්ඩ මොරටුව ප්‍රදේශයේ සිදු වූ සොරකමකින් ලබාගත් බවත්, එමඟින් සැකකරු පිළියන්දල, පෑලියගොඩ, නාරාහේන්පිට, වැලිකඩ සහ මහබාගේ ප්‍රදේශවල සිදු වූ සොරකම් කිහිපයකටත් සම්බන්ධ බවත්ය.

මෙම පරීක්ෂණවලදී පොලිසිය සොයා ගත් රන් භාණ්ඩ අතර, අත් ඔරලෝසු 03ක්, රන් කැබලි 04ක් සහ රුපියල් 7,000ක මුදලක් වේ.

43 හැවිරිදි බොරැල්ල පදිංචිකරුවෙකු වන සැකකරු සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වයි.

Tags