දේශීය පුවත්
IMF වැඩසටහනේ 5වන සමාලෝචනය ලබන සැප්තැම්බර් සිට නොවැම්බර් අතර
ශ්‍රී ලංකාවට ලබාදී ඇති විස්තීර්ණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහනේ පස්වන සමාලෝචනය 2025 වසරේ “සරත් සෘතුව” හෙවත් සැප්තැම්බර් සිට නොවැම්බර් අතර කාලය තුළ සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලී කොසාක් මේ බව පැවසුවේ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකදීයි.
මෙම ඉදිරි සමාලෝචනය සිව්වන සමාලෝචනයෙන් පසුව පැවැත්වෙන අතර එය ජුලි 1 වනදා සාර්ථකව අවසන් කිරීමෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 350ක මුල්‍ය ආධාරයක් හිමි වුණා.
මේ අනුව EFF වැඩසටහන යටතේ මෙතෙක් ශ්‍රී ලංකාවට ලැබී ඇති මුළු IMF ආධාර ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.74කි.
