දේශීය පුවත්
එජාප – සජබ දීගය ගැන ආපු සුබ පුවත
මුලික සාකච්ඡාවලදී එකඟතාවයට පැමිණි ආකාරයට සමඟි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙක් දේශපාලන පක්ෂ සමඟ අඛණ්ඩව ඉදිරියටත් කටයුතු කරගෙන යාමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.
මෙහිදී සමඟි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ පක්ෂ සමඟ කටයුතු කිරීම සඳහා කමිටුවක් හෝ ඒ හා සමාන යාන්ත්‍රණයක් මඟින් ක්‍රියා කිරීමට ද එජාපය අදහස් කර ඇති බව සඳහන්.
සමඟි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙක් පක්ෂ සමඟ පොදු කාරණාවලදී කටයුතු කරන ආකාරය පිළිබඳව පසුගිය කාලය මුළුල්ලේම එක්සත් ජාතික පක්ෂය විරුද්ධ පක්ෂ සමඟ සාකච්ඡා කරනු ලැබුවා.
එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසුවේ එම සාකච්ඡාවල දී එකඟත්වයට පැමිණි කරුණු අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බවයි.
ඒ අනුව සමඟි ජන බලවේගය සමඟ විවෘතව වැඩ කිරීමට තීරණය කර තිබෙන බවද ඔහු සඳහන් කළා.
